නවීන කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණික සහ වෘත්තීය කුසලතා ඇති පුද්ගලයන් සෑහෙන පිරිසක් අපට නොමැති වීම නිසා බොහෝවිට ආයෝජකයන් අප රටෙහි ආයෝජනය කිරීමේ බලාපොරොත්තු අත්හැර වෙනත් රටවලට යන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා කොළඹ BMICH හිදී පැවති NIBM ඩිප්ලෝමා සහතික ප්රදානයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&අද අපි අධ්‍යාපනය සහ සේවායෝජනය අතින් අර්බුදයකට මුහුණ පා සිටිනවා. මෙතෙක් කලක් අප අවධාරණය කළ සාම්ප්‍රදායික මානව ශාස්ත්‍රීය අධ්‍යාපනය වර්තමාන රැකියා වෙළෙඳ පොළෙහි අවශ්‍යතා සැපයීමට අසමත්. අද අපට අවශ්‍ය වන්නේ නවීන කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා වූ තාක්ෂණික සහ වෘත්තීය පුහුණුව ඇති යෞවනයන් බව සඳහන් කළ යුතුයි.
තාක්ෂණික සහ වෘත්තීය කුසලතා සමග විදේශ භාෂා හැකියාව, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව වැදගත් වෙනවා. නවීන කර්මාන්ත ශාලාවල සහ ව්‍යාපාරික සමාගම්වල රැකියා සඳහා එවැනි භාෂා දැනුමක් අත්‍යවශ්‍යයි. ඔබ ආයතනය ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම ගැන මා සතුටු වෙනවා.* යැයි වැඩිදුරටත් පවසා සිටියේය.