ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2015 වාර්ෂික සමුළු මෙම මස 09 වැනි දින සිට 11 වැනිදා දක්වා පේරු රාජ්‍යයේ ලීමා නුවරදී පැවත්වෙයි.
මෙවර සමුළුවට සහභාගි වීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. සමරතුංග යන මහත්වරු ඇතුළු දූත පිරිස අද (05දා) දිවයිනෙන් පිටත්ව ගියහ.