ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ව්‍යවසායිකාවන් දිරිගන්වමින්, ඔවුන් විසින් මෙරට ආර්ථිකය සඳහා ලබාදෙන දායකත්වය අගයනු පිණිස දෙවසරකට වරක් සංවිධානය කරනු ලබන ව්‍යවසායිකා සම්මාන උලෙළ මේ වසරේ අගෝස්තු මස 5 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) පසුගියදා නිවේදනය කළේය.
9 වැනි වරටත් සංවිධානය කෙරෙන මෙම සම්මාන උලෙළේදී සාම්ප්‍රදායිකව ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම සහ මහ පරිමාණයේ ව්‍යවසායිකාවන් වෙත පිරිනමන රන්, රිදී, ලෝකඩ සම්මානයන්ට අමතරව මෙවර සම්මාන උලෙළේදී වසරේ විශිෂ්ටතම කාන්තා අපනයනකරු, විශිෂ්ටතම ආරම්භක ව්‍යවසායිකාව සහ වසරේ නැගී එන තරුණ ව්‍යවසායිකාව යන කාණ්ඩ යටතේ නව සම්මාන 3ක් පිරිනැමීමටද නියමිතය.
‘‘2015 ව්‍යවසායිකා සම්මාන උළෙලේ සම්මාන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායිකාවන්ට ලබන ජුනි 20 වැනිදා දක්වා ලේඛකාධිකාරී, කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය නො. 380/7, සරණ පාර, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයෙන් හෝ කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩල (WCIC) වෙබ් පිටුවට පිවිස අයදුම්පත් ලබාගත හැකිය.