නොමිලේ කෙටි පණිවිඩ හා සුපැහැදිලි ඇමතුම් සේවා ලබාදෙන ජංගම දුරකථන app එකක් වන Viber ඔස්සේ ලොව කලා ක්ෂේත්රයේ දිදුලන තරු ඇතුළුව නොයෙක් ක්ෂේත්රවල ජනාදරය දිනූ පුද්ගලයන් හා කණ්ඩායම් සමග සම්බන්ධ විය හැකි Viber Public Chats සේවාව මේ වනවිට ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත.
මෙම Viber Public Chats සේවාව ඔවුන් හඳුන්වාදී තිබුණේ 2014 වසරේදීය. ඒ අනුව, සංගීත ක්ෂේත්රයට අමතරව ක්‍රීඩා, විලාසිතා, රූපවාහිනී හා සිනමා ක්ෂේත්‍ර ඇතුළුව තවත් ක්ෂේත්‍ර රැසක ජනප්‍රිය පුද්ගලයෝ මේ වනවිට Viber Public Chats සමග එක්වී සිටිති. Viber භාවිත කරන ඕනෑම කෙනෙකුට තම පරිගණක හෝ ජංගම දුරකථන හරහා මෙම සේවාව ලබාගෙන තම හද බැඳි තරුවලට සමීප වීමේ අවස්ථාව පවතී. මෙහිදී කෙටි පණිවිඩ, ඡායාරූප, වීඩියෝ දර්ශන, ස්ටිකර්, web links මෙන්ම තවත් බොහෝ දේ හුවමාරු වේ. එමෙන්ම Viber භාවිත කරන්නන්ට තමන් කැමති Public Chats සඳහා තම මිතුරන්ට ආරාධනා කිරීමත්, එම chats මිතුරන් සමග බෙදාහදාගැනීමටත් හැකියාව පවතී. මේ අතරින් ජනප්‍රියම chats ඔබගේ Viber මුල් පිටුවේ Public Chats කොටසේ දර්ශනය වනු ඇත. එමෙන්ම කිසියම් අවස්ථාවක චැට් කරන්නේ කවුද යන්න කෙනෙකුට පහසුවෙන් සොයාගත හැකි අතර විශේෂ වෙබ් ලිපිනයක් (URL) හරහා සෘජුවම එම චැට්වලට පිවිසිය හැකි වේ.
Viber යනු ලොව ඕනෑම කෙනෙකුට එකිනෙකා හා සම්බන්ධ වීමේ අවස්ථාව සලසා දෙන කෙටි පණිවිඩ, ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් ලබාදෙන සේවාවකි. Viber භාවිතයෙන් ලොව ඕනෑම දුරකථන අංකයකට අඩු වියදමකින් ඇමතුම් ලබාගැනීමේ හැකියාව පවතී. iPhone, iPad, Android දුරකථන සහ ටැබ්ලට්, Windows දුරකථන, BlackBerry, Blackberry 10, Windows, Windows 8, Mac සහ Linux උපාංග ඔස්සේ 3G/4G හෝ WiFi සම්බන්ධතා යොදාගනිමින් මෙය භාවිත කළ හැකි අතර, වර්තමානය වනවිට රටවල් 193ක Viber භාවිත කරන සංඛ්‍යාව මිලියන 573 ඉක්මවා ඇත. Viber යනු Rakuten සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි.