විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට පුද්ගලික අංශයේ සහයෝගය ලබාදීමේ පරමාර්ථයෙන් වාණිජ මණ්ඩල සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ Turning Point ආයෝජක සමුළුව අද (25දා) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී ආරම්භ කෙරිණි.
මෙම සමුළුව සඳහා ප්‍රංශය, එංගලන්තය, ස්විට්සර්ලන්තය, චීනය, මැලේසියාව යන රටවල මූල්‍ය කළමනාකරණ ආයතනවල නියෝජිතයින්, ආයෝජකයන් සහ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහභාගි වන අතර හෝටල් සහ සංචාරක, දේපොළ සංවර්ධනය, බලශක්තිය ක්ෂේත්රය, රැකියා උත්පාදනය සඳහා නව දැනුම ලබාදීම, තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය, ආහාර පිරිසැකසුම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, දියර කිරි නිෂ්පාදනය වැනි අංශයන්ගේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව පැවසෙයි.
අද (25දා) සහ හෙට (26දා) යන දෙදින තුළ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුග්‍රහය දක්වා තිබේ.