කොළඹ නගරයේ නවතම සුඛෝපභෝගී ව්‍යාපාරික බුටික් හෝටලය ලෙස The Steuart by Citrus, සංචාරක සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය.
මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයන්, හෝටල් ක්ෂේත්රයේ කැපීපෙනෙන වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර, Citrus හෝටල් එකතුවේ නවතම සාමාජික හෝටලය වන The Steuart by Citrus කළමනාකරණය කරනු ලබන්නේ Citrus Leisure සමූහයට අනුබද්ධ Citrus Silver සමාගම විසිනි.
වසර 180ක ඉතිහාසයක් සහිත ජෝජ් ස්ටුවර්ට් සමූහයේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබූ භූමියේ ඉදිවී ඇති The Steuart හෝටලය එම සමූහයේ ස්කොට්ලන්ත සම්භවයේ උරුමය මනාව කැටිකරගත් හෝටලයක් බවට පත්වී තිබේ. මහල් 8ක් පුරා විහිදුණු කාමර 50කින් සමන්විත අතර මෙම හෝටලය තුළ අති සුඛෝපභෝගී පහසුකම් රැගත් කාමරයක්ද (Suite) ස්ථාපිත කර ඇත. එමෙන්ම ස්කොට්ලන්ත තේමාවෙන් යුතු අවහන්හලක් '&Co’ නමින් පිහිටුවා ඇති අතර, එමගින් ස්කොට්ලන්තයට ආවේණික ප්‍රණීත ආහාරවලින් පාරිභෝගියන්ට තෘප්තිමත් විය හැකි බව පෙන්වා දෙයි. ව්‍යාපාර කටයුතු සඳහා යොදාගැනීමට මෙම හෝටලයේ තිබෙන හැකියාව වර්ධනය වන පරිදි ව්‍යාපාර මධ්‍යස්ථානයක් එහි පිහිටුවා තිබෙන අතර ඒ සඳහා මනාව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක්ද සේවයේ යෙදී සිටින බව කියයි. එහි පැවැත්වෙන ව්‍යාපාරික රැස්වීම් මෙන්ම ව්‍යාපාර සම්බන්ධ ඉදිරිපත් කිරීම් (Presentations)කටයුතු වැනි අවස්ථාවන්හිදී එම කාර්ය මණ්ඩලය සිය නොමඳ සහාය ලබාදීමට කැපවනු ඇති බවද කියයි. 19 වැනි ශතවර්ෂයේ ඉදිකළ මෙම ව්‍යාපාර ගොඩනැගිල්ලේ සමන්විත වූ එම පැරණි අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් කාමරය (Boardroom) වැඩිදියුණු කර එහි ව්‍යාපාර හමු පැවත්විය හැකි වාතාවරණයකට වර්ධනය කර තිබීම මෙම හෝටලය සතු තවත් සුවිශේෂත්වයක් බව පෙන්වා දෙයි.