ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීම අරමුණු කරගනිමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ජාතික ප්‍රතිපත්ති රාමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කර තිබේ.
මෙලෙස කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස්කළ ප්‍රථම අවස්ථාව මෙය බව අමාත්‍යාංශය පවසයි. නව රජය බලයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව සකස්කර ඇති බවද අමාත්‍යාංශය පවසයි.