ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ දියුණුව උදෙසා වර්තමාන රජය විසින් ඉදිරි කාලපරිච්ඡේදයේදී සුවිශේෂී මෙහෙවර රැසක් ඉටු කරනු ලබන බව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපොලආරච්චි මහතා පවසයි.
පසුගියදා පැවති ව්‍යවසායකත්ව සම්මාන 2015 සම්මාන ප්රදානය පිළිබඳව සකස් කළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙ බාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ පවසා සිටියේය.
මෙම වාර්තාව බාරදීමේ අවස්ථාව සඳහා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හිටපු සභාපති අජිත් වත්තුහේවා, ජ්‍යෙෂ්ඨ උප සභෘපති රුවන් එදිරිසිංහ, මහලේකම් අජිත් අනුරත් අබේරත්න ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.