SME අභියෝග ජයගැනීමට පො.රා.මණ්ඩලය වැදගත්
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් රටක ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නද, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ අවශ්‍යතා මඟැහරී යන නිසා, පොදු රාජ්‍ය මණ්ඩලය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන මෙවැනි අභියෝග සඳහා බොහෝ සේ උපකාරී වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර මෙන්සන් හවුස් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය, ව්‍යාපාරික හා ආයෝජන සභාවේ, ව්‍යාපාරික සංසදය අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් රටක ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ අවශ්‍යතා මගහැරී යනවා. ඒ නිසා පොදු රාජ්‍ය මණ්ඩලය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් මුහුණදෙන මෙවැනි අභියෝග සඳහා බොහෝ සේ උපකාරී වෙනවා.
ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාව අතර ඉහළ අන්තර් සම්බන්ධතාවක් ඇතිකර හොඳ භාවිතයන් සහ තොරතුරු මගින් අනිවාර්යෙන්ම වෙළෙඳාම පහසු කරවීමට සහ අනෙක් තීරු බදු බාධා ජයගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම, ගෝලීය වෙළෙඳාමට වඩා පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳාමෙන් 19% ක් පමණ ලාභ ලැබෙනවා. ඒ නිසාම අපට පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳ ගණුදෙනු වඩාත් වැදගත් වෙනවා." යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


