ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 46 වැනි මහ සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර, එහිදී SLIM හි 38 වැනි සභාපතිවරයා වශයෙන් උපුල් අධිකාරි මහතාද ඇතුළුව විධායක සභාව සහ නව විධායක කමිටුව තෝරා පත්කර ගනු ලැබීය.
වසර 2016/2017 සදහා වූ SLIM කළමණාකරණ විධායක සභාව අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රමුඛ පුද්ගයලයන්ගෙන් සමන්විත වන අතර නව සභාපති හැටන් නැෂනල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අලෙවිකරණ හා සන්නිවේදන කළමණාකාර උපුල් අධිකාරි මහතා තේරී පත්විය.
එමෙන්ම, උප සභාපති වශයෙන් Union Capital Leasing හි අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉලංගෝවන් කාර්තික් මහතාද, Richardson Projects (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වඩ් මහතා අනෙක් උප සභාපති වශයෙන්ද , ලේකම් වශයෙන් Coats Thread Exports හි අලෙවිකරණ හා විකුණුම් කළමණාකාර සුරංජිත් සුවාරිස් මහතාද, භාණ්ඩාගාරික වශයෙන් Power House Ltd (FM Derana) හි අලෙවිකරණ ප්‍රධානී රොෂාන් ප්‍රනාන්දු මහතාද, සහකාර ලේකම් වශයෙන් Microsoft Sri Lanka හි ශ්‍රී ලංකා දකුණු හා නැගෙනහිර ආසියා කලාප ව්‍යවසාය අලෙවිකරණ කළමණාකාර තිලංකා අබේවර්ධන මහත්මියද තේරී පත්විය.