සිව්වන දකුණු ආසියාතික ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ (SAFE) කමිටු රැස්වීම සහ අදහස් වැඩමුළුවේදී, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සභාපති වජිර කුලතිලක මහතා විසින් එම සංගමයේ (SAFE) වත්මන් සභාපතිවරයා ලෙස මුලසුන හොබවන ලදී.
ඉන්දියාවේ, මුම්බායි හිදී පැවති මෙම සමුළුවේදී, සංගමයේ අනාගත දැක්ම සහ එහි ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡාවට බඳුන් කිරීමේ අරමුණින් දකුණු ආසියානු කලාපයේ සෑම ප්‍රාග්ධන වෙළෙඳ පොළක්ම නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරී රැසක් සහභාගී වූ බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නිවේදනය කරයි.
2015 වර්ෂයේදී සංගමයේ සභාපති ධුරයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාව එහි මුලිකත්වය දරමින් %SAFE අනාගත දැක්ම (SAFE VISION 2025)^ යන තේමාව යටතේ සංගමයේ අනාගත දැක්ම සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන බවද කියයි. මෙම තේමාව යටතේ කලාපයේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධනය සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන බවත්, මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, සාමාජික ව්‍යාපාර වස්තුවල සහයෝගීත්වය සහ දේශසීමා හරහා මූල්‍ය ගනුදෙනු වැඩිදියුණු කරගැනීම මේ අතරින් ප්‍රධාන වන බවද පෙන්වා දෙයි.