පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හෙවත් PIMA විසින් සංවිධානය කරනු ලබන 'PIMA ඔලිම්පික්ස් - ජාතික කළමනාකරණ සම්මාන 2016' සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතැයි එහි සංවිධායකයෝ පවසති. පසුගියදා එම ආයතනයේ 'විද්‍යා' ශාලාවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. ඒ අනුව කළමනාකරණ හා ව්‍යාපාර ක්ෂේත්රයේ දක්ෂතා සහ විශිෂ්ඨත්වයන් ජාතික මට්ටමෙන් ඇගයීමට ලක්කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මේ සම්මාන ප්රදානය සඳහා ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩය සහ යුරෝපා වාණිජ මණ්ඩලයද එක්ව සිටියි.
පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයට අනුව, මෙම සම්මාන උළෙල සඳහා අයදුම්කරුවන් ශ්‍රී ලංකා වෘත්තික ව්‍යාපාරික සංසදයේ සාමාජිකයෙකු වීම අනිවාර්ය වෙයි. එහිදී අදාළ අයදුම්පත් PIMA ලේකම් කාර්යාලය නො 28, ලෙස්ලි රණගල මාවත, කොළඹ 08 ලිපිනයට එවිය යුතුය. එසේම වැඩිවිස්තර www.pima.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.