මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනය (NIFS) පසුගිය වර්ෂ තුළ ජාතික සංවර්ධනය සහ විද්‍යාවේ දියුණුව උදෙසා සිදුකළ පර්යේෂණවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන පර්යේෂණ සමුළුව මාර්තු 03 වැනිදා පැවැත්වීමට නියමිතය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාතයාංශය යටතේ විද්‍යාවේ මූලික සිද්ධාන්ත පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම පර්යේෂණ ආයතනය ලෙස ජාතික මූලික අධ්‍යයන ආයතනය (NIFS) සැලකෙයි.
මෙවර වාර්ෂික පර්යේෂණ සමුළුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මූලිකත්වයෙන්, මහනුවර, හන්තාන පාර, ජාතික මූලික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.