ඇමෙරිකා එක්සත් ජනපදයේ Millennium Challenge Corporation හි Compact වැඩසටහන විසින් ආර්ථික වර්ධනයට උරදීම සහ දරිද්‍රතාව අඩුකිරීම අරමුණු කරගත් පස් අවුරුදු ප්රතිපාදනයක් සඳහා ශ්‍රී ලංකාව, බුර්කිනා ෆාසෝ සහ ටියුනීසියාව යන රටවල් තෝරාගෙන තිබේ.
ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙනුවෙන් ඇමෙරිකාව ලබාදී ඇති වසර 60ක සංවර්ධන හවුලට මෙම MCC සහාය රුකුලක් වනු ඇති බව ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා පවසා සිටි බව එම තානාපති කාර්යාලය පවසයි.
MCC සහාය ලබාදීමට සලකා බලනු ලබන්නේ ස්වාධීන-ප්‍රතිපත්ති සංචිතවල වාර්ෂික MCC ලකුණු පුවරුවට අනුව, සාධාරණ සහ ප්රජාතන්ත්රවාදී පාලනයට, ආර්ථික නිදහසට සහ තම ජනයා වෙනුවෙන් ආයේජනය කිරීමට කැපවී සිටින රටවල් බවද තානාපති කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් MCC හි ප්‍රධාන විධායක නිලධාරී ඩනා ජේ. හයිඩ් පවසා සිටියේ, "දූෂණයට එරෙහිව ක්‍රියාකරන කාන්තා අයිතීන්ට සහ නීතියට ගරු කිරීම ඇතුළු යහපාලනයට කැපවන සංවර්ධිත රටවල් සමග මෙලෙස සම්බන්ධ වීම තුළින් දරිද්‍රතාවය අඩුකර මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට හැකි වෙනවා" යනුවෙනි.