වෙළෙඳ නාවික පුහුණු අධ්‍යාපනයේ මෙරට පුරෝගාමී ආයතනයක් සහ කීර්තිමත් Mercmarine සමූහයේ සාමාජිකයෙක් වන Mercmarine Training ආයතනය පසුගියදා පුහුණු නාවික කැඩෙට් ශිෂ්‍යාවන් සඳහා නව ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.
1986 වසරේ සිට වෙළෙඳ නාවික ක්ෂේත්රයට දක්ෂ නාවිකයන් බිහිකර ඇති Mercmarine Training ආයතනය විසින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හඳුන්වාදී ඇත්තේ එම ආයතනයේ 30 වැනි සංවත්සරයට සමගාමීව බව ඔවුහු පවසති.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සම්මුඛ පරීක්ෂණවලදී ඉහළම ලකුණු වාර්තා කරන අයැදුම්කාර ශිෂ්‍යාවන් දෙදෙනෙකුට රු.මිලියනයක් දක්වා වටිනා ශිෂ්‍යත්ව හිමිවනු ඇති බවත්, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට පැහැබර අනාගතයක මංපෙත් විවර කිරීමට Mercmarine Training ආයතනයේ ඇති දැඩි කැපවීමට මනා නිදසුනක් ලෙස මෙම ශිෂ්‍යත්ව වැඩසටහන දැක්විය හැකි බවත් ඔවුහු පවසති.