ජාතික වාණිජ මණ්ඩලයේ මෙවර ‘Meet the Minister’ වැඩසටහන, වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ මහගු අවස්ථාවක් ව්‍යාපාරික ප්‍රජාව වෙත උදාකර දෙන බව එම මණ්ඩලය පවසයි.
ඒ අනුව, 2016 මැයි මස 26 වැනිදා නො. 450, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී ප.ව. 3.00 සිට ප.ව. 04.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ජාතික වාණිජ මණ්ඩලය මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සිය සාමාජික ව්‍යාපාරික ආයතන මෙන්ම අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාව වෙත වර්තමාන ව්‍යාපාර පරිසරය, අමාත්‍යාංශයේ අනාගත සැළසුම්, වර්තමාන ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ ව්‍යාපාරික අංශයන්ට මතුවන ගැටළු පිළිබඳ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ අරමුණෙන් බවද ඔවුන් පෙන්වා දෙයි.
මෙය වරාය හා නාවික කටයුතු ක්ෂේත්රය ආශ්රිත තොරතුරු අමාත්‍යවරයා සමග සමීපව හුවමාරු කිරීමටත්, තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටත්, ව්‍යාපාරික ප්‍රජාව සඳහා මහඟු අවස්ථාවක් වනු ඇති බවත්, ලියාපදිංචි වීම සඳහා 011-4741788 යන දුරකථන අංකය හා [email protected], [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය සමග සම්බන්ධ විය බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.