ශ්‍රී ලාංකේය ආයෝජකයන්ට ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට අවස්ථාව උදාකරන 'Make in India Week' ආයෝජන සතිය පිළිබඳව මෙරට සිටින ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ මාධ්‍ය දැනුවත් කිරීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා පියවර ගනු ලැබීය.
2016 වසරේ පෙබරවාරි 13 සිට 18 වැනිදා දක්වා ඉන්දියාවේ මුම්බායි නුවර පැවැත්වීමට නියමිත මෙම 'Make in India Week' ආයෝජන සතිය තුළ මහා පරිමාණයේ ආයෝජන සඳහා ඉන්දියානු රජය ලබාදෙන පහසුකම් සහ බදු සහන පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීමට නියමිතය.
'Make in India Week' ආයෝජන සතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම සැසිය සඳහා ඇඟලුම්, නාවික, මෝටර් රථ, නිෂ්පාදන, සෞඛ්‍ය, ඉදිකිරීම්, සහ මූල්‍ය සේවා අංශ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉහළ තලයේ ව්‍යාපාරිකයන් 150කට අධික පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.වයි.කේ.සින්හා මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.