London Stock Exchange Group (LSEG) නවීන තාක්ෂණයෙන් නිමවුණු තාක්ෂණික පරිශ්‍රය පසුගිය 05දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ LSEG සභාපති ඩොනල්ඩ් බ්‍රයිඩන් යන මහත්වරුන් අතින් විවෘත විය. කොළඹ TRACE එක්ස්පර්ට් සිටි හි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ LSEG සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සාවියර් රොලේ යන මහත්වරු එක්ව සිටියහ.
උසස් තාක්ෂණ රැකියා 400ක් සෘජුවද, රැකියා 1,200ක් වක්රාකාරවද ඇති කිරීම LSEG සමූහයේ අරමුණ වී තිබේ. මෙලෙස බඳවා ගනු ලබන කාර්යමණ්ඩල සාමාජිකයන්ට සමූහයේ ගෝලීය ජාලය සඳහා අවශ්‍ය වන තාක්ෂණික සහයෝගී සේවාවන්ද ලබාදීමට සැලසුම් කර ඇත. කොළඹ සහ මාලඹේ පිහිටි ගෝලීය වෙළෙඳ සහ තාක්ෂණික ව්‍යාපාරයක් වන MillenniumIT සමාගම හේතුවෙන් LSEG සමූහයට මෙරට මෙහෙයුම් කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් පවතින බවද ඔවුහු පවසති.
ජාත්‍යන්තර වෙළෙඳ පොළ යටිතල පහසුකම් ව්‍යාපාරයක් මෙන්ම අධිතාක්ෂණ විසඳුම් ගොඩනැගීමේ සහ මෙහෙයවීමේ පුරෝගාමියෙකු වන LSEG සමූහය, සංවිධාන 40කට අධික ප්‍රමාණයක් සඳහා වෙළෙඳ, වෙළෙඳ පොළ පරීක්ෂණ සහ පසු වෙළෙඳ පද්ධති විසඳුම් පිරිනමන බවද කියයි. ජාල සම්බන්ධකරණය, හොස්ටිං සහ ප්‍රමිති ආරක්ෂණ පරික්ෂාව සමූහය ලබාදෙන අමතර සේවා බවද ඔවුහු වැඩිදුරටත් පවසති.