ශ්‍රී ලංකා ලීසිං සංගමය (LASL) සහ දිවයින පුර විසිරී සිටින වාහන තක්සේරුකරුවන් අතර සුහද හමුවක් පසුගිය 23 වැනිදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබේ.
මෙම සම්මන්ත්‍රණයට ලීසිං සංගමයේ (LASL) සභාපති ආනන්ද සෙනවිරත්න මහතා ඇතුළු ප්‍රධානීන් සහ 50කට අධික තක්සේරු සමාගම් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වූ බව ඔවුහු පවසති.
ලීසිං සංගමය (LASL) සහ වාහන තක්සේරුකරුවන් අතර පවතින ව්‍යාපාරික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වී ඇති අතර, ලීසිං ක්ෂේත්රයේ මේ දෙපාර්ශ්වය පවතින ගැටලු පිළිබඳව කිහිපවතාවක්ම හමුවී සාකච්ඡා කළ බවද ඔවුහු පවසති.
මෙහිදී තක්සේරු වාර්තා වටිනාකම වෙළෙඳ පොළ වටිනාකමට වඩා වැඩිවීම, තක්සේරු වාර්තා දෙකක් අතර විශාල පරතරයක් දක්නට ලැබීම, ඡායරූප මගින් පමණක් තක්සේරු වාර්තා සකස් කිරීම, තත්ත්වයෙන් බාල වාහන සඳහා තක්සේරු කිරීම් සිදු කිරීම වැනි ගැටලු රැසක් පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම අදහස් විමසීම් සහ ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවූ බවද ඔවුහු වැඩිදුරටත් පවසති.