මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය ක්ෂේත්රය ප්‍රාදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මෙරට ආර්ථික වර්ධනයේ එක් සාධකයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් සංවිධානය කරනු ලබන මහනුවර තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය එලෙස ක්‍රියාවට නැංවෙන එක් වැඩසටහනකි.
අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගයෙන් යුතුව මෙම උළෙල ජුනි මස 10 සිට 12 දක්වා පැවැත්වීමට නියමිතය.