යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය, JITF 2016 එළැඹෙන ජනවාරි 29 සිට 31 දක්වා යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්රණ සේවා ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත ප්‍රදර්ශනය 7 වැනි වරටත් පැවැත්වෙන බව පසුගියදා නිවේදනය කරන ලදී.
උතුරේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය යුද්ධයේ නිමාවත් සමග උතුරත් දකුණත් යා කරන ප්‍රදර්ශනයක් ලෙසත්, එම ජනතාවගේ සැබෑ වෙනසකට මහඟු අත්වැළක් බවත් සංවිධායකයෝ පවසති.
පසුගිය වසරේ පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීමට 60,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණි බවත්, උතුරේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ක්‍රියාවලියට දායකත්වයක් සැපයීමට ආයෝජකයන්ට මෙමගින් මගපෑදෙනු ඇති බවත් ඔවුහු පවසති. උතුරු දොරටුව ලෙසින්ද හැඳින්වෙන මෙම ප්‍රදර්ශනය තුළින් උතුර හා දකුණ අතර ව්‍යාපාරික ගැලපුම්කරණයකටද අවස්ථාව සැලසෙන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මෙම ප්‍රදර්ශනය හරහා ඉදිකිරීම් ක්ෂේත්රය, සත්කාරක සේවා කර්මාන්තය, ආහාරපාන එළිදැක්වීම, මෝටර් රථ, ඇඟලුම් සේවා, කෘෂිකර්මාන්තය ඇතුළු සේවා රැසක් ප්‍රේක්ෂක ජනතාවට ලබාගත හැකි බවද කියයි. එසේම, බාල මහලු, තරුණ, වැඩිහිටි සියලු දෙනාට ආශ්වාදජනක විනෝදාංශ, සංගීත සංදර්ශනද මීට ඇතුළත් කර ඇති බව සංවිධායකයෝ පවසති.