වර්ධනය වන ශ්‍රී ලංකා ආර්ථිකයේ ආයෝජන අවස්ථා පිළිබඳව විදේශීය ආයෝජක ප්‍රජාව දැනුම්වත් කිරීමේ අරමුණින් හා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වර්ධනීය ආර්ථික ක්‍රියාදාමයක සක්‍රීය කොටස්කරුවන් කරගැනීමේ පරමාර්ථයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනලද 'Invest Sri Lanka' ආයෝජක හමුව 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේදී පැවැත්විණි.
විදේශීය ආයෝජක ප්‍රජාව දැනුම්වත් කිරීමේ හමුව සිඩ්නි නගරයේදී පැවති අතර, ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ හමු මෙල්බර්න් හා ඕක්ලන්ඩ් හිදී පැවැත්වූ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් වජිර විජේගුණවර්ධන, Fitch Rating Lanka ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ හා මෙරට ප්‍රධානී මානින්ද වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න, කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්ම මහත්මීහු මෙම ආයෝජක හමුව සඳහා සහභාගීත්වය දැක්වූහ.