ඉන්දීය රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධනය කරනු ලබන 'Advancing Asia: Investing for the Future' සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (11දා) ඉන්දියාව බලා පිටත්ව යයි.
මාර්තු 11දා සිට 13 වැනිදා දක්වා නව දිල්ලි නුවර පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට ආසියා පැසිෆික් කලාපීය රටවල මුදල් අමාත්‍යවරු, මහ බැංකු ප්‍රධානීන්, ආර්ථික විද්‍යාඥයන්, සිවිල් සමාජ සාමාජිකයන් ඇතුළු 400කට අධික පිරිසක් සහභාගී වෙති.
කලාපීය වශයෙන් පවතින ආර්ථික අභියෝග සහ ඒ සඳහා වන විසඳුම් පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිත අතර, සම්මන්ත්‍රණය 11 දා ප.ව. 7.00 නවදිල්ලි නුවර ටාජ් පැලස් හෝටලයේදී ආරම්භ වේ.