ඉන්දීය රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධනය කරනු ලබන %Advancing Asia: Investing for the Future^ සම්මන්ත්‍රණය ඉන්දියාවේ, නව දිල්ලි නුවරදී පැවැත්විණි.
පසුගිය මාර්තු 11 වැනිදා ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.
අදින් (13දා) අවසන් වන මෙම සම්මන්ත්‍රණයට ආසියා පැසිෆික් කලාපීය රටවල මුදල් අමාත්‍යවරු, මහ බැංකු ප්‍රධානීන්, ආර්ථික විද්‍යාඥයන්, සිවිල් සමාජ සාමාජිකයන් ඇතුළු 400කට අධික පිරිසක් සහභාගී වූහ.
කලාපීය වශයෙන් පවතින ආර්ථික අභියෝග සහ ඒ සඳහා වන විසඳුම් පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡාවට බඳුන් විය.