2015 අයවැය ක්‍රියාත්මක වන ආකාරය, 2016 අයවැය ඇස්තමේන්තුව සකස් කිරීම සහ වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගියදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවිය.
මුදල් අමාත්‍යාංශයේදී සිදුවූ මෙම හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් මෙහෙයුම් ප්‍රධානී ටොට් ෂ්නයිඩර්, නේවාසික නියෝජිත එටේරි ක්වින්ට්රෙඩ්සේ සහ ආර්ථික විශේෂඥයන් වන ජිරී ජොනාස්, මානුක් ගාසන්ෂයින් සහ මාමේ අස්ටෝව් ඩියෝෆ් යන පිරිස සහභාගි වූහ.
මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.