ඉන්දීය රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කළ %Advancing Asia: Investing for the Future^ සම්මන්ත්‍රණයට සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් නවදිල්ලි නුවරදී පැවැත් විණි.
මෙම අවස්ථාවට ලෝක ප්‍රකට බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපතිනී මෙලින්ඩා ගේට්ස් මහත්මියද එක්ව සිටියාය.
Advancing Asia: Investing for the Future සම්මන්ත්‍රණය පසුගිය 11 දා සිට 13 දක්වා නවදිල්ලි හි ටාජ් පැලස් හෝටලයේදී පැවැත්විණි.