මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්යක්ෂ මිට්සුහිරෝ ෆුරුසාවා යන මහත්වරු අතර හමුවක් සිදුවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා පසුගියදා පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට ගිය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, ප්‍රධාන සමුළුවට සමගාමීව රාජ්‍යයන් අතර පැවැති දිවිපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකට සහභාගී වීමේදී මෙම හමුව සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡාවට බඳුන් වූ බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.