දේශීය ජීවිත රක්ෂණ සමාගම් එක්ව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවි හා විකුණුම් සංසදය විසින් සංවිධානය කරන 'IASL ජීවිත රක්ෂණ මාසය' සැප්තැම්බර් 01 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව අද (01දා) කොළඹ, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හි පැවති උත්සවයකදී නිවේදනය කළේය.
මෙම රක්ෂණ මාසයේදී ජීවිතයේ ඇති වැදගත්කම හා ජීවිත රක්ෂණාවරණයකින් ඔබට ලැබෙන ප්රතිලාභ පිළිබඳව දැනුම්වත් කිරීමට ඔවුන් කටයුතු යොදා ඇති බවද සඳහන් විය.
ශ්‍රී ලාංකිකයන්ගෙන් 12.6% ක් පමණ මේ වනවිට ජීවිත රක්ෂණාවරණයක් සඳහා යොමුවී තිබුණද, ඔවුන්ගෙන් බහුතරයක් ප්‍රමාණවත් ආවරණයක් සලසා ගෙන නොමැති බව කියයි. පුද්ගලයකු මත යැපෙන පවුල් පසුබිමක් සහිත බොහෝ ලාංකිකයන්ගේ ජීවිතයේ අවිනිශ්චිත බව නියත කරුණක්ව තිබියදීත්, IASL වාර්ෂික වාර්තාවට අනුව 2014 වර්ෂයේ දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ රක්ෂණ වාරික/දළ ගෘහස්ථ නිපැයුම් අනුපාතය (ජීවිත රක්ෂණයන් සමාජය තුළ ප්‍රචලිත වීමේ ප්‍රතිශතය) 0.46% වැනි පහළ මට්ටමක පැවතීම අවධානයට ලක්විය යුතු කරුණක් බවද ඔවුන් පවසයි. ඒ අනුව, ජීවිත රක්ෂණාවරණයකින් ලැබෙන ප්රතිලාභ පිළිබඳව දැනුම්වත් කිරීම තුළින් රැකවරණය හා සැනසීම පිළිබඳ අවබෝධයක් ලබාදීම වැදගත් බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
මෙම අරමුණ පෙරදැරිව සියලු දේශීය රක්ෂණ ආයතනයන් එක්සත්ව ජීවිත රක්ෂණයක අවශ්‍යතාව පිළිබඳව දැනුම්වත් කිරීමෙන් ඒ සඳහා පුද්ගලයන් යොමුවීමේ ප්‍රවණතාව ඉහළ නැංවීම උදෙසා ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) 2015 සැප්තැම්බර් මාසය ජීවිත රක්ෂණ මාසය ලෙස නම් කර ඇති බව කියයි. එමගින් මෙම මාසය තුළ අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් දස ලක්ෂයක් වෙත මෙම පණිවුඩය රැගෙන යාමට ශ්‍රී ලංකා රක්ෂණ සංගමය බලාපොරොත්තු වෙයි. සැප්තැම්බර් 01 වැනිදා කොළඹදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මාසයක කාලයක් තුළදී ප්‍රධාන දහරාවේ හා ප්‍රධාන දහරාවේ නොවන ජනමාධ්‍ය ඔස්සේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද ඔවුන් සැලසුම් කර ඇත.