HSBC බැංකු විසින් පවත්වනු ලබන HSBC Colombo Fashion Week 14 වැනි වරටත් මේ වසරේදී අති උත්කර්ෂවත්ව සංවිධානය කරන බව එම බැංකුව පවසයි. මේ වසරේදී විලාසිතා කර්මාන්තයේ ව්‍යාප්තිය වෙනුවෙන් වැඩසටහන් රැසක් හඳන්වාදීමට CFW කටයුතු යොදා තිබේ. ඒ අනුව දේශීය විලාසිතා කර්මාන්තය, ශ්‍රී ලංකාවේ විලාසිතා ලෝලීන්ට හා ලෝකයාට ප්‍රදර්ශනය කරමින් එය සංවර්ධනය කිරීමේ අරමුණු පෙරදැරිව ඒ සියල්ල සංවිධානය කරන බවත් බැංකුව වැඩිදුරටත් පවසයි.
Colombo Fashion Week සතිය මාර්තු 13 වැනිදා ඇරඹෙන අතර, කලාව, චිත්‍රපට, ආහාර, දැනුම බෙදා ගැනීමේ වැඩමුළු, සදාචාරමය විලාසිතා හා යොවුන් නිර්මාණ ශිල්පී සංදර්ශන යන අංග සියල්ලම සපිරි එය ලබන 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
පසුගිය වසර කිහිපයේදී මෙන් මෙවරත් Colombo Fashion Week සඳහා සත්කාරකත්වය ලබාදීම කොළඹ හිල්ටන් හෝටලය විසින් සිදු කරනු ලබයි. එහි සාමාන්‍යාධිකාරී මනේෂ් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව පැවසුවේ, "හිරු එළිය, සාගරය සහ සංස්කෘතිය වගේම උද්වේගකර ක්‍රියාදාම නිසා පමණක් නොව විලාසිතා සඳහාද අවශ්‍යයෙන්ම සංචාරය කළ යුතු ස්ථානයක් ලෙසට Colombo Fashion Week හරහා ශ්‍රී ලංකාව ලෝක සිතියම තුළ පත් කරනවා." යනුවෙන් පවසා සිටියි.
Colombo Fashion Week හරහා හි මෙවර එක් තේමාවක් වන්නේ Celebrate Colombo යන්නයි. සංචාරක කර්මාන්තයට අදාළ දෘෂ්ටිකෝණයෙන් කොළඹ දිදුලන හා නිර්මාණාත්මක නගරයක් බව පෙන්වීමේ අරමුණද මෙම විලාසිතා දැක්ම තුළ තිබෙන බව HSBC බැංකුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මාක් ප්රොතේරෝ, "මේ වසරේදී අපි ශ්‍රී ලංකාව තුළ 125 වැනි සංවත්සරය සමරනවා. ඒ එක්කම කිසිදු සැකයකින් තොරව රටේ විශාලතම විලාසිතා ප්‍රදර්ශනය වන CFW හා නිල අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධවී වසර දහයකුත් සම්පූර්ණ වෙනවා. විලාසිතා කර්මාන්තයේ ප්රගමනයට වැදගත් භූමිකාවක් නිරූපණය කිරීමට හැකිවීම ගැන අපි බලවත් සතුටට පත්වෙනවා" යනුවෙන් පවසා සිටියේය.