ශ්‍රී ලංකාවට හිමි වූ GSP+ සහනය ක්‍රියාත්මක වීමේ වත්මන් තත්ත්වය විමසා බැලීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් තානාපතිවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් සිදුවී තිබේ.
ඒ අනුව, ඊයේ (20දා) විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ටුන්ග් ලී-මාග් මහතා, විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සමග දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.