ඇමරිකාවෙන් GSP+ සහනය වැනි විවිධ වෙළෙඳ ප්රතිලාභ ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී AISEX 2018 (අයිසෙක් 2018 ඇඟලුම් කර්මාන්ත මහා ප්‍රදර්ශනය) විවෘත කිරීමේ අවස්ථාවේදීය.
2017 වසරේ ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන වටිනාකම ඇ.ඩො.බිලියන 4.8ක් (4.8 Dollar Billion) බවත්, මේ වසර අවසාන වනවිට ඇ.ඩො.බිලියන 5කට වැඩි අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.