G24 මුදල් අමාත්‍යවරුන්ගේ මණ්ඩලය නියෝජනය කළ මුදල් අමාත්‍ය කරුණානායක මහතාට එහි පළමු උප සභාපති ධුරය පිරිනමා තිබේ.
පසුගිය 18 වැනිදා ආරම්භ වූ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමිවූ බවත්, එය ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම සමුළුව අද (23දා) නිමාවට පත්වෙයි.