ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) සභාපති රුවන් එදිරිසිංහ මහතා පාකිස්තානයේ, ඉස්ලාමාබාද් නුවර පිහිටි සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (SAARC CCI) සභාපති ධුරය සඳහා ද තේරී පත්ව තිබේ.
සාර්ක් වාණිජ මණ්ඩලය දකුණු ආසියානු පෞද්ගලික අංශ ව්‍යාපාරයන් නියෝජනය කරනු ලබන ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කරනු ලබයි.
ගෞරවනීය තනතුරක් වන සාර්ක් සභාපති ධුරය භාරගැනීමේ සමාරම්භක උත්සවය අද (26දා) කොළඹ පිහිටි ෂැංග්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. රුවන් එදිරිසිංහ මහතා විසින් 2017 වසරේදී සාර්ක් වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයද දරන ලදී.