ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යුරෝ මිලියන 43.7ක මූල්‍ය ප්‍රදානයක් සහ තාක්ෂණික ආධාර ලබාදීමට අදාළ ගිවිසුම් තුනක් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතර පසුගිය 16දා අත්සන් තැබිණි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවන් මිමිකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී සිදු විය.
ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමි දිස්ත්‍රික්ක ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන සහාය වැඩසටහනට අදාළ ගිවිසුමක්ද මෙහිදී අත්සන් කෙරුණු අතර ඒ සඳහා ලබාදෙන මුදල යුරෝ මිලියන 30කි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ වෙළෙඳාම ආශ්රිත සහාය සඳහා වූ වැඩසටහන වෙනුවෙන් තවත් යුරෝ මිලියන 8ක මුදල් ලබාදීමට අදාළ ගිවිසුමක්ද මෙහිදී අත්සන් තැබිණි.
ඊට අමතරව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත යුරෝ මිලියන 5.7ක් වටිනා තාක්ෂණික සහාය ලබාදීමට අදාළ තවත් ගිවිසුමක්ද අත්සන් තැබිණි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වල වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධනය සඳහා වූ සහාය වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳාම ආශ්රිත කටයුතු සඳහා සහාය වැඩසටහනට අදාළ මූල්‍යය ගිවිසුම් දෙක වෙනුවෙන්, ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අත්සන් තැබූ අතර, යුරෝපා සංගමය වෙනුවෙන් අන්තර් ජාතික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ යුරෝපීය සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා විසින් අත්සන් තබන ලදී. තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සඳහා ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනයේ (AFD) දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ නිකොලස් ෆොනේජි මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් අත්සන් තබන ලදී.