පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තොරතුරු සහසන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් නිර්මාණය කරන ලද ඊ - පළාත් පාලන විසඳුම (eLocal Government Solution) දියත් කර තිබේ.
පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී උත්සවාකාරයෙන් මෙය සිදුවූ අතර, මූලික අදිරයේදී මෙම ඊ - පළාත් පාලන විසඳුම පළාත් පාලන ආයතන 30ක ක්‍රියාත්මක කෙරෙන බවත්, ඉදිරියේදී 341ක් වන සියලු පළාත් පාලන ආයතන දක්වා එය ව්‍යාප්ත කෙරෙනු ඇති බවත් පැවසෙයි.
ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කරගත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා වන ගමනේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දෙන ඊ - පළාත් පාලන විසඳුම යටතේ මහජනතාවට සිය වරිපනම් බදු ගෙවීම, ව්‍යාපාර හා වෙළඳ කටයුතු සම්බන්ධ සහතික ලබාගැනීම, ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ අවසරයන් ලබාගැනීම වැනි කටයුතු ඊ - පළාත් පාලන විසඳුම හරහා අන්තර්ජාලයෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත. ඉදිරියේදී ඊ - පළාත් පාලන විසඳුම යටතේ තවත් බොහෝ සේවා අන්තර්ජාලය ඔස්සේ මහජනතාවට විවෘත වනු ඇති බවත්, ඒ හරහා දැනට පවතින ක්‍රමවේදයන් වෙනුවට වඩා පහසු හා කාර්යක්ෂම සේවාවන් අත්විඳීමේ අවස්ථාව ජනතාවට හිමිවනු ඇති බවත් සඳහන් වෙයි.