Ease of Doing Business හමුව සාර්ථකව පැවැත්වේ
මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වූ, ව්‍යාපාරික කටයුතු පහසුකිරීමේ (Ease of Doing Business) සංසදයේ 06 වැනි හමුව 03දා කොළඹ 01, ශ්‍රීමත් රසීක් ෆාරිඩ් මාවතේ, මිලෝදා මූල්‍ය අධ්‍යයන ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.
ව්‍යාපාරික කටයුතු පහසුකිරීම සඳහාම කැපවුණු මෙම සංසදය, ව්‍යාපාරික කටයුවලට අදාළ කාර්ය පරිපාටි හා නියාමන ගැටලු විසඳීම සදහා සජීව සංවාද මණ්ඩපයක් වූ අතර, ව්‍යාපාරික කටයුතු පහසුකිරීමේ මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරමින් ස්වකීය ව්‍යාපාරික ගැටලුවලට එම අවස්ථවේම විසඳුම් සොයාගැනීමට පහසුකම් සලසනු ලැබීය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම හමුව සඳහා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්, මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු සහ රජ්‍ය නිලධාරීන්, ආයෝජකයන්, සමාගම් හා මූල්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

