දකුණු ආසියාවේ සාහිත්‍ය සඳහා පිරිනමන සුප්‍රසිද්ධ 'DSC සම්මානය' සහ 'ෆෙයාර්වේ ජාතික සාහිත්‍යය සම්මානය' පිරිනැමෙන '2016 ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවය' 2016 ජනවාරි 13 වැනිදා සිට දින 5ක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
ගත්කතුවරයන්, ඉතිහාසඥයන්, කවීන් ඇතුළු සාහිත්‍යය ක්ෂේත්රයේ දෙස් විදෙස් ප්‍රවීණයන් සහභාගි වන, සාහිත්‍යය සඳහා ඇලුම් කරන ප්‍රජාව ඉතාම ඕනෑකමින් බලා සිටින '2016 ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවයෙ'හි නාම අනුග්‍රාහකයා ලෙස ඉදිරි වසර තුන තුළදී මෙරට ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගම සම්බන්ධ වී සිටින බව ඊයේ (28දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණි.
මෙවර සාහිත්‍යය උත්සවයේදී සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගෙන් ශ්‍රී ලංකාව තුළ පළ කර තිබෙන හොඳම නවකතාව ඇගයීමට ලක්කරමින් 'ෆෙයාර්වේ ජාතික සාහිත්‍යය සම්මානය' ලබාදීමේ ගෞරවණීය අවස්ථාවද මෙම සමාගමට හිමිව තිබෙන අතර, එහිදී, එක් එක් අංශවල ජයග්‍රාහකයන්ට රු.500,000/- බැගින් හිමිවන බවත්, මීට අමතරව සම්මාන සඳහා නිර්දේශිත ග්රන්ථ සඳහා රු.100,000/- බැගින් ලබාදීමට නියමිත බවත් පැවසුණි. ෆෙයාර්වේ සාහිත්‍යය සම්මානය සඳහා නවකතා ලියාපදිංචි කිරීම 2015 අගෝස්තු 01 වැනිදා ඇරඹී, 2015 සැප්තැම්බර් 01 වැනිදා අවසන් වන අතර, මේ පිළිබඳ වැඩි විස්තර www.fairwayholdings.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද සඳහන් කෙරිණි.
ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හේමක ද අල්විස් මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ, "ගාලු සාහිත්‍යය උත්සවය ජාත්‍යන්තරව පිළිගත් වැඩසටහනක් ලෙස පසුගිය වසර ගණනාවක් පුරා ඉහළ ප්‍රතිචාරවලට ලක්වී තිබෙනවා. මේ සුවිශේෂී වැඩසටහනේ නාම අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අපට සුවිශේෂී සතුටක් පවතිනවා. මෙහි අනුග්‍රාහකයෙකු ලෙස මූල්‍ය අනුග්‍රහයක් ලබාදෙනවාට වඩා ඔබ්බට ගිය අපගේ සහභාගීත්වයක් මෙහිදී සිදුවෙනවා. මීට අමතරව, අප අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ සාහිත්‍යය විශිෂ්ටත්වය ප්‍රවර්ධනය, හඳුනාගැනීම හා සම්මානයට පාත්‍ර කිරීමටයි. අප විශ්වාස කරන්නේ සියලුම ආයතනික සමාජ වගකීමේ ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම ඉලක්ක කළ යුත්තේ අපගේ සමාජයේ සංවර්ධනය, වැඩිදියුණුව හා යහපත සඳහා බවයි." යනුවෙනි.
මීට අමතරව, ප්‍රථම වතාවට '2016 ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවයේදී'දී දකුණු ආසියාවේ සාහිත්‍යය සඳහා පිරිනමන සුප්‍රසිද්ධ DSC සම්මානය පුද කිරීමටද නියමිත අතර, 2010 වසරේදී මෙම සම්මානය ආරම්භ කිරීමට පුරෝගාමී වූ සුරීනා නරූලා මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියාය. එහිදී, අදහස් දක්වා සිටි ඇය පවසා සිටියේ, "දකුණු ආසියාවේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනමන ඩොලර් 50,000ක DSC සම්මානය කීර්තිමත් ජාත්‍යන්තර සම්මානවලින් එකක්. මේ සම්මානය වසර පහක කාලයක් පුරා ලබාදී තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ හොඳම ග්රන්ථ සොයා ගනිමින්, ඒවා සම්මානයට පාත්‍ර කිරීමත්, ඒවා සුවිශාල ගෝලීය ප්‍රජාවක් වෙත රැගෙන යාමත් වන මේ සම්මානයේ දැක්ම ඉටුකර ගැනීමට මේ වනවිට හැකිවී තිබෙනවා. එහිදී, දකුණු ආසියාව හා එහි ජනතාව පිළිබඳව ලියන ඕනෑම ජනවර්ගයක හා ඕනෑම ජාතියක කතුවරයෙකුට මේ සුවිශේෂී සම්මානය විවෘත වෙනවා. ඒ අනුව, එම සම්මානය දිනාගන්නා කතුවරයා කවුරුන්ද යන්න ගාලු සාහිත්‍යය උත්සවයේදී ජනවාරි 16 වැනිදා නිවේදනය කරනවා" යනුවෙනි.
2016 ගාලු සාහිත්‍යය උත්සවයේ මෙවර කැපී පෙනෙන තවත් වැඩසටහනක් ලෙස දින දෙකක සති අන්තයක් සහ කුඩා උත්සව මහනුවර හා යාපනයේ සංවිධානය කර තිබීම පෙන්වා දුන්නේය. ඒ අනුව, මහනුවර උත්සවය ජනවාරි 09 වැනිදා ආරම්භ වන බවත්, යාපනය උත්සවය ජනවාරි 23 වැනිදා ආරම්භ වන බවත් පැවසුණි. මෙම වැඩසටහන් ද්විත්වයටම දෙස් විදෙස් ගත්කතුවරයන්, රචකයන් සහ කලාකරුවන් සහභාගි වීමටද නියමිතය. සාහිත්‍යය පමණක්ම යන සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් මෙවර උත්සවයේදී පසුගිය වසරවලදී මෙන්ම ක්‍රීඩා, ප්‍රසංග, විලාසිතා සංදර්ශන, ගෙවතු සහ ගෘහ නිර්මාණාත්මක සංචාර, ප්‍රජා වැඩසටහන්, ඡායාරූප ප්‍රදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් පැවැත්වෙන බවද පැවසුණි.
එමෙන්ම, 2016 ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ලෑන්ඩ් රෝවර්, කලම්බෝ ජුවලරි ස්ටෝර්ස්, ප්‍රින්ට්කෙයාර්, ද එලයිසියම් කලෙක්ෂන්, විජය පුවත්පත් සමාගම, ඩයලොග් ආසියාටා සහ ටී.එන්.එල්. කටයුතු කරන අතර, මෙහි ආගන්තුක සත්කාරක සේවා සපයන්නා ලෙස ජෙට්වින්ග් ලයිට් හවුස් හෝටලය කටයුතු කරන බවද මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා