ආසියානු සංවර්ධන බැංකුවේ 49 වැනි වාර්ෂික සැසිවාරයට සමගාමීව ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර පැවති විශේෂ සම්මන්ත්‍රණයක් සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරමින් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගී වී තිබේ.
අන්තර් ජාතික විගණන සමාගමක් වන KPMG ආයතනය විසින් පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේදී අමාත්‍යවරයා විසින් විශේෂ දේශනයක්ද පැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසයි.