ළමා ඉතිරි කිරීම් ගිණුම්වලින් බදු මුදල් ලබාගැනීම නතර කළ බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළද 2018 මැයි මාසයේද ළමා ඉතුරුම් ගිණුම්වලින් උපයනවිට බදු මුදල් අය කිරීම නවතා නැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඒ අනුව ළමා ඉතුරුම් ගිණුම්වලට ලැබෙන පොලියෙන් 2.5% ක මුදලක් උපයන විට බදු මුදල් වශයෙන් මෙරට බැංකු ගිණුම් සතු සියලුම ළමයින් විසින් රජයට ගෙවිය යුතු බව එහි සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මීට පෙර කිසිම රජයක් ළමා ඉතුරුම් ගිණුම්වලින් බදු මුදල් ලබාගෙන නැති බවත්, ළමා ඉතුරුම් ගිණුම්වලින් බදු මුදල් ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළේ මෙම යහපාලනය රජය බවත් එහි සඳහන් කරයි. එයද යහපාලනය රජය මේ වනවිටත් තබා ඇති මහදවල් මහ බැංකුව කැඩීම, ජනතාවට අසීමිත බදු ගැසීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම ආදී වාර්තා අතර තවත් වාර්තාවක් බවද එහි සඳහන් වෙයි.
ළමා ඉතිරි කිරීම් ගිණුම්වලින් බදු මුදල් ලබා ගැනීම නතර කිරීම හුදු මාධ්‍ය ප්‍රකාශවලට පමණක් සීමා නොකොට සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන ලෙස මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, මෙතෙක් ළමා ඉතිරි කිරීම් ගිණුම්වලින් ලබාගත් සියලුම මුදල් යළි ලබාදෙන ලෙසටද බල කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පවසයි.