ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම විදේශ ගුවන් සේවය වශයෙන් නව ගමනාන්ත 3ක් වන හයිද්‍රාබාද් (Hyderabad), විසාකාපට්නම් (Visakhapatnam) සහ කොයින්බටූර් (Coimbatore) වෙත 2017 ජූලි මස සිට ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කරයි.
එමගින් ශ්‍රී ලංකන් ඉන්දියාවේ ගමනාන්ත 14 වෙත මෙහෙයුම් සිදුකරමින් ඉන්දියානු සංචාරකයන්ට ගෝලීය ගුවන් ගමන් ජාලය හා සම්බන්ධවීමේ අවස්ථා රැසක් ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කරයි. මේ අනුව විසාකාපට්නම්, හයිද්‍රාබාද් සහ කොයින්බටූර් වෙත පිළිවෙලින් ජූලි 08, 12 සහ 16 යන දිනයන් හි ගුවන් ගමන් ආරම්භ කෙරෙන බවද ඔවුහු පවසති.