සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ (ETF) 35 වැනි සංවත්සරය අද (27දා) පෙරවරුවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී පැවැත්විණි.
වැඩකරන ජනතාව ඔවුන්ගේ අනාගත ඉරණමෙහි ද, ඉටුකරනා කාර්යයෙහි පමණක් නොව සේවා ප්‍රතිඵලවලද පාලකයන් විය යුතුය යන සංකල්පය පෙරදැරිව හිටපු වෙළෙඳ ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මගපෙන්වීම යටතේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල පිහිටුවනු ලද අතර, 1981 මාර්තු 01 වැනිදා සිට එය ක්‍රියාත්මක විය.
අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සියලුම සේවකයන් මෙම අරමුදලේ සාමාජිකත්වය ලබන අතර, මේ වනවිට වැඩකරන ජනාතව මිලියන 2.5ක පිරිසක් එහි සාමාජිකත්වය දරති.
හොඳම සේවා යෝජකයන් 11 දෙනෙකු වෙත ඇගයීම් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුකෙරුණු අතර, 35 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක්ද නිකුත් කර තිබුණි.