2017 වසරේ දී වාර්තා කරන ලද ඇ.ඩො.බි.1.63 ක සෘජු විදේශ ආයෝජනය 2016 වසරේදී වාර්තා වූ ඇ.ඩො.මි.802 හා සැසඳීමේ දී දෙගුණයක වර්ධනයක් පෙන්වන බව ආයෝජන මණ්ඩලය පවසයි.
ඒ අනුව, මෙතෙක් ඉහළම සෘජු විදේශ ආයෝජන අත්පත් කරගැනීම වාර්තාවී ඇත්තේ වර්ෂ 2014 දී ඇ.ඩො.බි. 1.61ක් ලෙස බැවින්, මෙය ඉතිහාසයේ ඉහළම සෘජු විදේශ ආයෝජනය බවද පෙන්වා දෙයි.
සෘජු විදේශ ආයෝජන ප්රවර්ධනය කිරීමේ සහ පහසුකම් සැපයීමේ ක්රියාවේ නියුතු නියෝජිත ආයතනය ලෙස කටයුතු කරනු ලබන ආයෝජන මණ්ඩලය තම ඉලක්කගත ආයෝජන ක්ෂේත්රයන් තුලින් මෙම වාර්තාගත සෘජු විදේශ ආයෝජනය අත්පත් කරගත් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.