පසුගිය දශක කිහිපය පුරා මෙරට පැවති කිසිදු රජයකින් රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කෙරෙහි දක්වන අවධානය පිළිබඳ කිසිසේත්ම සැහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා පවසා සිටියේය.
කොළඹදි පැවති වාණිජ මණ්ඩල ප්‍රධානීන්ගේ සම්මේලනය අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්යවසායකයකත්වය සඳහා ව්‍යාපාරික සුරක්ෂිතතාව උදෙසා පැහැදිලි දැක්මක් අවශ්‍ය බව පැවසූ ඔහු, රටක දියුණුව පවතින්නේ එවැනි තත්ත්වයක් මත බවද කියා සිටියේය.
චීනය, ඉන්දියාව, කොරියාව වැනි රටවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සුරක්ෂිතතාව උදෙසා විශේෂ වැඩසටහන් තිබෙන බවත්, ඉතාම ශක්තිමත් මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු ගොඩනගන්න හොඳ පදනමක් අවශ්‍ය බව එවැනි රටවල රජයන් තුළ පවතින අවබොධයට එයට හේතුව බවත් පවසා සිටියේය.