රට දිනන දින සියය තුළ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දහසක් රටට දායාද කිරීමේ තෙවැනි අදියර පසුගියදා වෙන්නප්පුවේදී පැවැත්විණි.
එහිදී, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ වෙන්නප්පුව ශාඛාව විසින් වයඹ පළාතේ තෝරාගත් කිරි ආශ්රිත කර්මාන්ත, ධීවර සහ ස්වයං රැකියාවල නියුතු ව්‍යසායකයන් සිය දෙනෙකු වෙත ණය ලබාදීම සිදුවිය.
ඇඟලුම් හා ඒ ආශ්රිත කර්මාන්ත, කෘෂි කර්මික, ධීවර, කිරි ආශ්රිත කර්මාන්ත, ඉංජිනේරු සේවා, හෝටල් සහ ඒ ආශ්රිත සේවා රූපලාවන්‍ය, විද්‍යුත් උපකරණ අලුත්වැඩියාව, ජලනල හා කාර්මික සහ ස්වයං රැකියාලාභීන් වෙනුවේන සුළු හා මධ්‍ය පරිමාණ ණය ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් ලබාගත හැකි බව පවසයි.