සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.10/- කින් වැඩිකර ඇති බවත්, තෙත් මාළු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.25/-කින් අඩුකර ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලෝක වෙළඳ පොළේ සීනි මිල ශීඝ්‍රයෙන් අඩු වී ඇති බැවින් එහි වාසිය දේශීය සීනි කර්මාන්තකරුවන්ට සැලසීමට හැකි වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දරු.13/- සිට රු. 23/- දක්වා වැඩි කර ඇති බව අමාත්‍යාංශය කියයි.
එමෙන්ම, මේ අතර ආනයනික තෙත් මාළු කිලෝ ග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු.75/- සිට රු.50/- දක්වා රු.25/- කින් අඩු කර ඇත.
මේ දිනවල පවත්නා ආපදා තත්ත්වය මත මත්ස්‍ය නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් දේශීය පාරිභෝගිකයන්ට සහනයක් ලෙස මෙසේ තෙත් මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.25කින් අඩු කර ඇති බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.