ඵෙතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම ඉ-සේවාව ක්‍රියාවට නංවා තිබේ.
මෙම නව ඉ-සේවාව නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂී නැරඹුම් ස්ථානයක් වශයෙන් සැලකෙන සීගිරිය නැරඹීමට ඉතා පහසුවක් වන බව නියෝජිතායතනය පවසයි.
විශේෂයෙන්ම සංචාරකයන්ට සිය සංචාරය සැලසුම් කිරීමේදී කාල කළමනාකරණය කර ගැනීමට මෙමගින් හැකිවන බවද නියෝජිතායතනය සදහන් කරයි.
තවද ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී මතුවෙන විවිධ දුෂ්කරතාවයන් සහ තදබදයන්ද මෙමගින් අවම වන අතර සංචාරක පහසුකම් අවස්ථා පුළුල් වන බවද නියෝජිතායතනය පවසයි.
http://www.ccf.gov.lk/ https://www.gov.lk/ යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර ඇනවුම් කිරීමට හැකි වන අතර, අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කෙරෙන මෙම ප්‍රවේශ පත්‍ර තෙමසක කාලයක් සඳහා වලංගු වන බවද ඔවුහු වැඩිදුරටත් පවසයි.