සිවිල් ගුවන් සේවා නියාමන කටයුතු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකරන ලද සිවිල් ගුවන් සේවා අධිකාරියේ මත්තල කාර්යාලය අද (9දා) පෙරවරුවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් විවෘත කෙරිණි.
මත්තලට පැමිණෙන ගුවන්යානාවල සුරක්ෂිතතාවය සහ නිරුපද්‍රිතතාවය උපරිම අයුරින් පවත්වාගෙන යෑම හා ගුවන් තොටුපොළ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය මෙම මත්තල කාර්යාලය මගින් සිදුකෙරෙන බව පැවසෙයි.
මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද සහභාගි වූහ.