ලොව සුප්රසිද්ධ සිලෝන් ටී නාමය තවදුරටත් ලොව පුරා ප්රවර්ධනය කරවීම සඳහා ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය කටයුතු කර තිබේ.
එහිදී, ශ්රී ලංකා තේ මණ්ඩලය සමගින් එක්ව සකස් කර ඇති මෙම වැඩපිළිවෙළ යටතේ ශ්රී ලංකාව නියෝජනය කෙරෙන සියලුම ගෝලීය වෙළෙඳ ප්රදර්ශන සඳහා එම මණ්ඩලය සහභාගි කර ගැනෙන බව කාර්යාංශයේ සභාපති ආචාර්ය රොහාන්ත අතුකෝරාල මහතා පවසයි.
ඒ අනුව, දැනටමත් රටවල් කිහිපයකම පැවැත්වුණු ප්රධාන මට්ටමේ සංචාරක ප්රවර්ධන වෙළෙඳ ප්රදර්ශන සඳහා සිලෝන් ටී සම්බන්ධ වී ඇති බවද කාර්යාංශය පවසයි.