අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා සියලු අමාත්‍යාංශවලින් සැදුම්ලත් කණ්ඩායමක් පිහිටුවන බවත්, එම කණ්ඩායම විසින් අමාත්‍යාංශවල ප්‍රගතිය සෑම මාස තුනකට වරක් කැබිනට් මණ්ඩලය වෙත වාර්තා කරනු ඇති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
2017 අයවැය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ඊයේ (14දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
ඒ අනුව, 2017 වසරේ ජනවාරි පළමු වැනිදා සිටම අමාත්‍යාංශවලට අදාළ මුදල් වෙන්කිරීම් සිදුකෙරෙන බවත්, එහිදී ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා මුදල් කඩිනමින් ලබාගෙන ඊට අදාළ වැඩසටහන් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා සියලු අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා සිටියේය.
මෙහිදී, සෑම මාස තුනකටම වරක් එක් එක් අමාත්‍යාංශයේ වියදම් පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු අතර, කිසියම් ගැටලුවක් පවතී නම් ඊට වඩාත්ම ප්‍රායෝගික විසඳුම් සොයාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදෙන ලදී.