කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාව ලබාදී ඇති බවත්, දිනෙන් දින මහා මාර්ගවලට අවතීර්ණ වන වාහන ප්‍රමාණය ඉහළ යාම හමුවේ විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කඩිනම් කළ යුතු බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව පසුගියදා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. අමාත්‍යවරයා පෙන්වාදෙන පරිදි,
නව කැලණි පාලම හා අතුරුගිරිය යාකරමින් ඉදිකෙරෙන නව මාර්ගයේ සහ කැලණි පාලමේ සිට වරාය දක්වා දිවෙන නව මාර්ගයේද කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට මේ වනවිටත් සැලසුම් කර ඇත. කොළඹ නගරයට රථ වාහන ඇතුළු වන ප්‍රධාන දොරටු 7ක් හඳුනාගෙන එම ස්ථානවල සිට සැහැල්ලු දුම්රිය සේවයක් ආරම්භ කිරීම එහි ප්රමුඛ කාර්ය බවට පත්ව තිබේ. එම සැහැල්ලු දුම්රිය සේවය බොරැල්ල, කොට්ටාව, බත්තරමුල්ල, කඩුවෙල, මරදාන, මට්ටක්කුලිය, පෑලියගොඩ, දෙමටගොඩ, කඩවත, බම්බලපිටිය, කිරුළපන ආදී නගර ආවරණය කරයි.
කොළඹ නගරයට ඇතුළු වන බස් රථ ප්‍රමාණය අවම කිරීම සඳහා දැනට පවතින දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක්ද ක්රියාක්මක කෙරේ. ඒ අනුව, කැලණිවැලි මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමත්, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව මාර්ගය ඇති කිරීමත්, ඒ අතර වෙයි.
මීට අමතරව කොළඹ නගරය තුළ බස් රථ ධාවනය විධිමත් කිරීමේ සැලසුමක්ද අයවැය මගින් ඉදිරිපත් කර ඇති බවත්, කොළඹ මහ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව බස් රථ සඳහා වෙනම මං තීරු හඳුන්වා දීම එම පියවර බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.